Tuesday, October 1, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලන්න ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් ඇවිත්




කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ඊයේ දිනය වනවිට ලක්ෂ 6කට වැඩි ප්‍රමාණයක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසනවා.

ලෝක ළමා දිනය හේතුවෙන් අද දිනයේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථාන භූමියේදී දරු දැරියන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක්ද පැවැත් වුණා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොළඹ පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති චන්දු හපුතන්ත්‍රි.


මෙම ප්‍රදර්ශනය ලබන 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වා පැවැත්වෙනවා.  

එම පරිශ්‍රයේ නෙත් එෆ් එම් කුටියේ ස්ථාපිත පොත් කැටය සඳහා අද දිනයේද බොහෝ පිරිසක් පොත් පරිත්‍යාග කළා.

දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා ඔබට ද පොත් පරිත්‍යාග කළ හැකියි.