Saturday, October 12, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ රැකියා සඳහා තවත් 2,330ක් පිටත්ව යයි




2023 වසරේ දෙසැම්බර් මස සිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2,330ක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තවත් ශ්‍රී ලාංකිකයින් 118 දෙනෙකු සඳහාද ගුවන් ටිකට්පත් ලබාදීම අද සිදු කෙරුණු බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවසුවේ.

එම පිරිස ඔක්තොම්බර් 09, 10, 12 හා 13 දිනයන්හි ඊශ්‍රායලය බලා යාමට නියමිතයි. ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තහවුරු කර ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ.