Sunday, October 6, 2024

General line - 0115112241

පහළ ගිය බිත්තර මිල යළිත් ඉහළට - ජනතාවගෙන් මැසිවිලි 




නැවතත් වෙළඳපොළ තුළ බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බවට ජනතාව චෝදනා කරනවා.

මීට දින කිහිපයකට පෙර බිත්තරයක මිල රුපියල් 28 ත් 30 ත් අතර පැවතිය ද මේ වනවිට ඇතැම් ප්‍රදේශවල බිත්තරයක් රුපියල් 40 ත් 45 ත් අතර මිලකට අලෙවි වන බවයි ජනතාව පවසන්නේ.

අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී වාර්තා වුණේ නිෂ්පාදන පහත වැටීම හෙතුවෙන් නැවතත් බිත්තර මිල ඉහළ ගොස් ඇති බවයි.

එසේම ඉදිරි දින කිහිපය තුළදීත් තවදුරටත් බිත්තර මිල ගණන් ඉහළ යෑමේ හැකියාවක් පවතින බවද වාර්තා වනවා. 


එකවර බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මෙලෙස අදහස් පල කළා.


කෙසේවෙතත් බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වැඩි පිරිවැයක් වැයවීම හේතුවෙන් මෙලෙස බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පැවසුවේ.