Friday, January 3, 2025

General line - 0115112241

ඊශ්‍රායලය ප්‍රහාර හමුවේ ලක්ෂ හතරක් සිරියාවට පලායයි




ඊශ්‍රායලය පසුගිය මාසයේ ගුවන් ප්‍රහාර වේගවත් කිරීමෙන් පසු මිලියන 1.2 ක් පමණ රට තුළ අවතැන් වී තිබෙනවා 

ඉන් පුද්ගලයින් 179,500 ක් අවතැන් වූවන් සඳහා අනුමත මධ්‍යස්ථානවල සිටින අතර  එම මධ්‍යස්ථාන 977 න් 773 ක් 
උපරිම ධාරිතාවයෙන් යුක්ත බවයි ලෙබනන රජය පවසන්නේ 

මීට අමතරව, ලෙබනනයේ රැඳී සිටින සිරියානු ජාතිකයන් 300,744 ක් සහ ලෙබනන් ජාතිකයන් 100,203 ක් ඇතුළුව 400,000 කට වැඩි පිරිසක් ලෙබනනයට සිරියාවට පලා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

සති තුනකට පෙර ආරම්භ වූ දරුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් පසු ලෙබනනයේ 1,400 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ