Friday, January 3, 2025

General line - 0115112241

පාකිස්ථානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළා දකී




කරච්චි හි එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන ජාතිකයන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කරන ලෙස චීනය පාකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා 

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය චීනය දැඩි ලෙස හෙළා දකින බවයි.

තවද මෙම සිද්ධියට අදාළ අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් පනවන ලෙසත් චීනය පාකිස්ථානයෙන් ඉල්ලා තිබෙනවා.

චීන ආයෝජනයෙන් ඉදි කෙරෙන Qasim වරායේ බලශක්ති උත්පාදන සමාගමේ රථ පෙළකට කරච්චි හි Jinnah ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී පසුගිය 6 වැනිදා මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා. ඉන් චීන ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් චීන ජාතිකයෙකු තුවාල ලබා තිබෙනවා.

පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ඊයේ (7) මියගිය පුද්ගලයින් වෙනුවෙන් බලවත් සංවේගයත්, ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරමින් පාකිස්ථානයේ සිටින චීන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය රජයේ යුතුකමක් බව පෙන්වා දුන්නා.

පාකිස්ථානය මෙම ත්‍රස්තවාදී ක්‍රියාව තරයේ හෙළා දකින අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ද ඔහු  එහිදී කියා සිටියා.