ශ්රී ලාංකිකයින් ඇතුළු ඊශ්රායලයේ සිටින සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එරට පාලකයින් නව ක්රියාමාර්ග රැසක් ගෙන ඇතැයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඊට හේතු වී ඇත්තේ ඊශ්රායලය වෙත එල්ල වන ප්රහාර දිනෙන් දින ඉහළ යාමයි.
ඒ අනුව වහාම ක්රියාත්මක වන පරිදි රෝහල් පද්ධතිය සහ ගිලන් රථ සේවා ශක්තිමත් කර ඇති බවයි ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ.
මේ අතර ලෙබනනයේ සිටින ශ්රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබෙනවා.
ඒ, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහායි.
ඒ අනුව එම සහන කාලය 2024 ඔක්තෝබර් මස 08 වන දින සිට 2025 ජනවාරි මස 08 වන දින දක්වා එනම් මාස 03ක කාලයක් සඳහා ක්රියාත්මක වනවා.