Tuesday, November 26, 2024

General line - 0115112241

බිත්තර මිල ඉහළ යාමට හේතුව මෙන්න




බිත්තර මිල නැවත වරක් ඉහළ යාමට හේතුවී ඇත්තේ මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයින්ගේ කූඨ උපක්‍රම හේතුවෙන් බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ බිත්තර තොග රැස්කර වෙළඳපොළේ මිල තීරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් රජය විධිමත් පර්යේෂණයක් සිදුකල යුතු බවයි.

බිත්තරයක් රුපියල් 20ත් 30ත් අතර මිලකට ලබා දීම අතිශය අපහසු බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

බිත්තර මිල අඩු කිරීම සඳහා නිෂ්පාදන වියදම අවම කිරීමට රජය මැදිහත් වියයුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

ඉකුත් සතියේ රුපියල් 30කට ආසන්න මිලකට අඩු වූ බිත්තරයක මිල මේ වන විට යළි රුපියල් 40 සීමාවට පැමිණ තිබෙනවා.