Tuesday, November 26, 2024

General line - 0115112241

සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංග්ලාදේශ ජාතිකයන් 08 දෙනෙකු මෙරටදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල




කූඨ ලෙස සකස් කළ සර්බියානු වීසා බලපත්‍ර භාවිත කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ, බංග්ලාදේශ ජාතිකයන් 08 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදීයි.

කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයට පිවිසීම සඳහා මෙම කණ්ඩායමේ පළමු බංග්ලාදේශ ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් එම පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, ඔහුට මෙම ගුවන් ගමන සඳහා උපකාර කළ බංග්ලාදේශ ජාතිකයෙකු සහ තවත් බංගලදේශ ජාතිකයන් 06 දෙනෙකු ද ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.