Tuesday, November 26, 2024

General line - 0115112241

වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




අත්තනගලු ඔය සහ උරුවල්ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශ කිහිපයක ඉදිරි පැය 48 තුළ ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් සඳහායි.

අත්තනගලුඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය 24පුරාවට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.