Friday, October 11, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂ හතරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන්ගේ නාම ලේඛන ප්‍රකාශයට

එන් ඒ ඩබ්ලිව් නිරෝෂන්-කමල් සුරවීර-හේරත් ඒකනායක




මෙවර මහමැතිවරණය සඳහා පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ලේඛනවල 29 දෙනා බැගින් නම් ඇතුළත්. ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බිමල් රත්නායක සහ ගාමිණී රත්නායක යන මහත්වරුන්ගේ නම් ද ඇතුළත්. ඔලිම්පික් ක්‍රීඩක සුගත් තිලකරත්න මහතාගේ නමද ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන්ගේ නම් අතර වනවා. 

මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්‍ෂකයන්ගේ නම්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා ඇතුළු 29 දෙනෙකුගේ නම් ඇතුළත්. 

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලේඛනයේ රංජිත් මද්දුමබණ්ඩාර, ඉම්තියාස් බාකීර් මාකර්, ඩලස් අලහප්පෙරුම යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්ද වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලේඛනයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, සී බී රත්නායක, සාගර කාරියවසම් යන මහත්වරුන්ගේ නම් ද ඇතුළත්. 

මේ අතර හිටපු ජනාධිපතිවරුන්, හිටපු කැබිනට් අමාත්‍යවරුන්, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ නැහැ.

ඒ අතර හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද වන බවයි වාර්තා වන්නේ.

මහමැතිවරණයට ඉදිරිපත් නොවන සෙසු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගයෙන් අද උදෑසන අනාවරණ කළා.

නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නෙත් නිවුස් කණින් කොණින් විශේෂාංගය නැරඹිය හැකියි.