Friday, October 18, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට අදාළ දෙදෙනෙකු අත්අඩංගුවට




පසුගිය බදාදා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදමිපිටිය කනත්ත ඉදිරිපිටදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන කොළඹ 10 සහ කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. එම සැකකරුවන් දෙදෙනා වෙඩිතැබීම සිදු වන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමග ත්‍රීරෝද රථයේ ගමන් ගනිමින් සිටි අනෙක් දෙදෙනා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එම සැකකරුවන් දෙදෙනා විසින් මරණකරුව නිවසේ සිට වෙඩි තැබීම සිදුවූ ස්ථානයට ත්‍රීරෝද රථයෙන් රැගෙන ගොස් ඇති බවත් වෙඩි තැබීම සිදු කළ පාර්ශවය සමග දුරකතනයෙන් සම්බන්ධ වී මෙම ඝාතනයට ආධාර අනුබල ලබා දී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.