Friday, October 18, 2024

General line - 0115112241

චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කරයි




ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්‍ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ, බුද්ධශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්‍ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින්.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර මහතායි. තවත් සාමාජිකයන් හත් දෙනෙකු එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයට පත් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිවරයා ලෙස එස් එම් සමන් සමරකෝන් මහතා පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට තවත් සාමාජිකයින් 09 දෙනෙකු අයත්.