Friday, October 18, 2024

General line - 0115112241

වලපනේ පාසලක සිසුන් පිරිසක් හදිසියේ අසනීප වෙයි




වලපනේ, බටගොල්ල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක සිසුන් පිරිසක් හදිසියේ අසනිප වීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

සිසුන් 21 දෙනෙකු එලෙස වලපනේ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

උදෑසන පාසලෙන් ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් එම සිසුන් රෝහල්ගත කර තිබෙනවා.

කෙසේවෙතත් සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.