Friday, October 18, 2024

General line - 0115112241

ඇමති විජිත හේරත්ට ගම්මන්පිලගෙන් ලිපියක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන කමිටු වාර්තාවල පිටපත් ලබා දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය විජිත හේරත් මහතා වෙත ලිපියක් මගින්ද දැනුම් දුන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

තමන් මීට පෙර කළ දැනුම්දීම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් එලෙස ලිපියක් යැවූ බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.  

මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඉතාමත් කෙටි කාලයක් තුළ සාධාරණයක් ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවා.