Saturday, October 19, 2024

General line - 0115112241

මහමැතිවරණය වෙනුවෙන්, ජාතික ජන බලවේගයේ පළමු රැළිය අද තංගල්ලේදී




මහමැතිවරණය මුල් කර ගනිමින් ජාතික ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන පළමු රැළිය අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මැතිවරණය මුල්කර ගනිමින් මේ වන විටත් ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සිදු කරමින් සිටින බවයි ජාතික ජන බලවේගය පැවසුවේ. 

ප්‍රාදේශීය මට්ටමේ ජනතාව දැනුවත් කිරීමෙන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැළියක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ජාතික ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහමැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමේ රැළි පවත්වන ප්‍රමාණය අඩු කර ප්‍රාදේශීය මට්ටමෙන් ජනතාව දැනුවත් කරන ලෙස ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර කළුතර පැවති ජන රැළියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ දූෂණ චෝදනා එල්ල වී නොමැති පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි. 

>