Saturday, October 19, 2024

General line - 0115112241

මහමැතිවරණයෙන් ලබා ගන්නා මන්ත්‍රීධුර ගණන ගැන මාලිමාවෙන් අනාවරණයක්




පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ධුර 150කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගන්නා බව එම පක්ෂයේ ජාතික විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඡන්දය භාවිත නොකළ ජනතාවද එළඹෙන මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහය පළ කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල මහතා මෙම අදහස් පළ කළා.

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කර ගැනීමේ සාකච්ඡා අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්, එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද සිව්වන මානය වැඩසටහනේදී මෙලෙස අදහස් පළ කළා. 

ඊට ප්‍රතිචාර දැක්වූ සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පැවසුවේ සිය පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර එවැනි ධනාත්මක කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි. 

නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.