Saturday, October 19, 2024

General line - 0115112241

මඩකලපුව දුම්රිය මාර්ගය යළි යථා තත්ත්වයට - අනතුර ගැනත් පරීක්‍ෂණ




පීලි පැනීමට ලක්වූ මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා පැවසුවේ මේ වන විටත් දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි. 

කොලොන්නාව සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මින්නේරිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වුණා. ඒ, එම දුම්රියේ වන අලි දෙදෙනෙකු ගැටීමෙන්.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරුණා.

අදාළ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොළගේ මහතා වැඩිදුරටත් පැවසුවේ.