Saturday, October 19, 2024

General line - 0115112241

කොදෙව්වන්ට එරෙහිව අපරාජිත එක්දින වාර්තාව රැකගන්න ශ්‍රී ලංකාවෙන් නව සැලැස්මක්




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට  ආරම්භ වනවා.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

කොදෙව් කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකාවේදී එක්දින තරඟාවලි ජයක් වාර්තා කිරීමට සමත්ව නැහැ.

කොදෙව් කණ්ඩායම මෙරටදී ක්‍රීඩා කළ එක්දින තරඟාවලි 04න් කොළඹ පැවති එක්දින තරඟාවලිය එකට එකක් ලෙස සමව තිබෙනවා.

1999, 2015 සහ 2020 වසරවලදී පැවති තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලි ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කණ්ඩායම් දෙක අතර මෙතෙක් එක්දින තරඟ 64ක් පවත්වා ඇති අතර, ඉන් තරඟ 31ක් කොදෙව් කණ්ඩායම ජයගෙන තිබෙනවා. තරඟ 30ක ජය හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරියට මෙන්ම නායක චරිත් අසලංකට ද කොදෙව් පිල හමුවේ අපරාජිත එක්දින තරඟාවලි වාර්තා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සැලසුම් මේන විටත් සකස් කරමින් සිටින බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අවසන් එකොළොස් දෙනා තෝරා ගැනීමට ඔවුන් දෙදෙනාගේ වැඩි අවධානය යොමු ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වුණා.