Saturday, October 19, 2024

General line - 0115112241

බෝම්බ බියක් නිසා කටුනායක දී ගුවන්යානයක් විශේෂ පරික්ෂාවට




බෝම්බ බියක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළට පැමිණි ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.

ඒ, මුම්බායි ගුවන් තොටුපළට ආ දුරකථන ඇමතුමක් හේතුවෙන්.

ඒ අනුව මුම්බායි ගුවන්තොටුපළ බලධාරින් විසින් ඒ පිළිබඳ කටුනායක ගුවන්තොටුපළ බලධාරින් වෙත දැනුම්දී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ගුවන් යානය පස්වරු 03.05 ට පමණ කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙනවා.

ඒ වන විටත් ගුවන් හමුදාව, කමාන්ඩෝ බලකාය, පොලිසිය සහ ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරින් එම ස්ථානයට කැදවා තිබූ බවද පොලිසිය පැවසුවා.

එම ගුවන් යානයේ සිටි මගීන් 240 දෙනා විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා. ඉන් අනතුරුව එම ගුවන් යානය මෙරට ආරක්ෂක නිලධාරින් විසින් පරීක්ෂා කරමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.