Sunday, October 20, 2024

General line - 0115112241

මහින්දගේ වාහන යළි භාරගත්තාට පොහොට්ටුව නොසතුටින්




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෙන් වූ වාහන භාවිත කළේ ඔහුගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

එවන් පසුබිමක් තුළ හිටපු ජනාධිපතිවරයාට වෙන්කර තිබූ වාහන යළි භාර ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි හිටපු මන්ත්‍රීවරයා පැවසුවේ.


ඒ සම්බන්ධයෙන් තංගල්ලේ පැවති ජන රැළියකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැක්වූයේ මෙවන් අදහසක්.


මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ වාහන 16 න් 08 ක් යළි භාරදී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11 ක් මේ වන විට පවතින බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච් එස් කේ ජේ බණ්ඩාර මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා දැනට භාවිතා කරනු ලබන අතිරික්ත වාහන යළි භාරදෙන ලෙසට රජය විසින් ලිපි මඟින් දැනුම්දී තිබුණා.