Sunday, October 20, 2024

General line - 0115112241

ආර්ථිකය දියුණු කළ හැකි සැලසුම පවතින්නේ සමගි ජන බලවේගය සතුව බව සජිත් කියයි




ජනතාවට සහන ලබාදෙමින් ආර්ථිකය දියුණු කළ හැකි සැලසුම පවතින්නේ සමගි ජන බලවේගය සතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ වෙනුවෙන් තීන්දු තීරණ ගත හැකි කණ්ඩායමක් ද තම පක්ෂය තුළ සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැරිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ගාල්ල, එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.


මහ මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වෙන ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙය වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උපාය මාර්ගික කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බවයි.