Sunday, October 20, 2024

General line - 0115112241

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි




අද දිනයේ උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව, නැහනෙහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.