Sunday, October 20, 2024

General line - 0115112241

කියුබාවේ ප්‍රධාන බලාගාරයක් බිඳවැටේ




කියුබාවේ ප්‍රධාන බලාගාරයක් බිඳවැටීමෙන් රට පුරා විදුලිය ඇණහිට තිබෙනවා.

මේ හේතුවෙන් එරට මිලියන 10 ක පමණ ජනතාවක් පිඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් ප්‍රධාන විදුලි බලාගාරය අක්‍රිය වන බවට මීට පෙර එරට රජය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව විදුලිය භාවිත වන අත්‍යවශ්‍ය නොවන කාර්යයන් සිදු නොකරන ලෙසට බලධාරීන් අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් කියුබාවේ පාසල් ද තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඇතැම් රාජ්‍ය සේවකයන්ට ද නිවාඩු ලබාදී ඇති බව සඳහන්.

විදුලිබල පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කොපමණ කාලයක් ගතවේ ද යන්න මෙතෙක් සඳහන් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එරට හදිසි බලශක්ති අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ද කියුබානු අගමැතිවරයාට බල කරමින් විරෝධතා පැවැත්වෙන බවට සඳහන්.