Sunday, October 20, 2024

General line - 0115112241

නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට




හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 මෙම  ගින්න ඊයේ රාත්‍රියේ ඇතිවී තිබු අතර ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී ඔවුන්ගේ මළසිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කර සිටියේ 

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 ක් වු පියා, වයස අවුරුදු 40 ක් වු මව සහ ඔවුන්ගේ වයස අවුරුදු 15 ක් දියණිය මෙම ගින්නෙන් ජිවිතක්ෂයට පත්ව තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්තිපති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ලබනවා.