Sunday, October 20, 2024

General line - 0115112241

ෆේස්බුක් සාදයකට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි 31 දෙනෙකු අත්අඩංගුවට

රංජිත් රාජපක්ෂ




නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක පැවැත්වීමට සුදානම් කර තිබු ෆෙස්බුක් සාදයකට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙමින් සිටි තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම ෆෙස්බුක් සාදය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් සහභාගීි වන බවට ලද තොරතුරක් මත නුවරඑළිය නගරයට පිවිසෙන මාර්ගවල සිදුකල හදිසි සොදිසි මෙහෙයුමකදීයි.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය, මත්පෙති සහ විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙමින් සිටි තරුණයන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එම සැකකරුවන් වයස අවුරු 19 ත් 31 ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.