Sunday, October 20, 2024

General line - 0115112241

ඊශ්‍රායල අගමැතිගේ නිවසට එල්ල කළ ප්‍රහාරය, හිස්බුල්ලා ප්‍රහාරයක් බවට ඉරානයෙන් චෝදනා




ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පෞද්ගලික නිවසට එල්ල කළ ප්‍රහාරය හිස්බුල්ලා සංවිධානය සිදුකල ප්‍රහාරයක් බවට ඉරානය චෝදනා කර තිබෙනවා.

ඉරානය පවසන්නේ, හිස්බුල්ලා සංවිධානය විසින් ලෙබනනයේ සිට ඊශ්‍රායලට ඩ්‍රෝන ප්‍රහාර තුනක් එල්ල කර ඇති බවයි.

ඉන් ප්‍රහාර දෙකක් ව්‍යාර්ථ කිරීමට ඊශ්‍රායලයට හැකිවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අගමැතිවරයා සහ ඔහුගේ බිරිඳ නිවසේ රැඳී සිට නොමැති බවයි.

එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවද වාර්තා වනවා.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරන අතර එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී අනෙක් පෞද්ගලික නිවසේ වාසය කර ඇති බවයි වාර්තා වන්නේ.

අගමැතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ “තමාව සහ සිය බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සංවිධානය ගෙන ඇති මෙම උත්සාහය විශාල වරදක්” බවයි.

කෙසේවෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නැහැ.