Sunday, October 20, 2024

General line - 0115112241

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට




රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකාය, අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අක්කරපත්තුව පොලිස් වසමේ පාලමුණේ පොලිස් මාර්ග බාධකය අසලදී සිදුකල වැටලීමකදීයි.

එහිදී රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කලවංචිකුඩි හා චෙන්කලඩි ප්‍රදේශවල පදිංචි අවුරුදු 34, 43 හා 46 වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් අක්කරපත්තුව පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.