Sunday, October 20, 2024

General line - 0115112241

මාවෙයි සේනාධිරාජා මහතා හදිසියේ රෝහල්ගත කෙරේ

රතු ගමගේ




ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. 

හිටපු මන්ත්‍රීවරයා පසුගිය කාලයේ සිය පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් හේතුවෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ. 

ඔහු පක්ෂයේ වගකීම්වලින් ඉවත්වී සුළු කාලයක් හුදෙකලාව විසීමට තීරණය කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

පක්ෂ තුළ ඇති වූ එම සිදුවීම් සහ පක්ෂ සාමාජිකයන්ගේ ඇතැම් ක්‍රියාකාලාප මන්ත්‍රීවරයාගේ හදිසි අසනීප තත්ත්වයට හේතු වූ බව, එම පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකුම යාපනයේ දී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිටි අසනීප තත්ත්වයෙන්ම තවමත් සිටින බවයි වෛද්‍යවරුන් සඳහන් කර ඇත්තේ.