Monday, October 21, 2024

General line - 0115112241

ලොහාන් රත්වත්තේ ගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට

කමල් සුරවීර




හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

ඒ, රත්වත්තේ පවුලට අයත් මහයියාව ප්‍රදේශයේ පිහිටි ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් තුළදීයි. 

පොලිසිය පැවසුවේ ගොඩනැගිල්ල තුළ වෙඩි වැදීමට ලක්ව සිටි පෞද්ගලික ලේකම්වරයා, මහනුවර ජාතික රෝහල වෙත රැගෙන යන විටත් මියගොස් සිටි බවයි. 

වෙඩි තැබීමට උපයෝගි කරගත් බවට සැක කෙරෙන මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇති අතර එය මියගිය පුද්ගලයාගේ නමට ලියාපංදිචි කර ඇති බවට පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මියගිය ලේකම්වරයා එක්දරු පියෙක් වනවා. 

ඔහු පසුගිය කාලය තුළ මහත් වූ කලකිරීමකින් සිට ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බවද පොලීසිය පැවසුවා.

කෙසේවෙතත් මෙය වෙඩි තැබීමක් ද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න සම්බන්ධව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය පැවසුවේ. 

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට හා මහනුවර පොලිසිය ඒකාබද්ධව විමර්ශන සිදුකරනු ලබනවා.