Monday, October 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපාය මාර්ගික කමිටුවක්




ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මැතිවරණ කටයුතු සාර්ථකව සිදු කිරීම සඳහා  අත්‍යවශ්‍ය සහයෝගය ලබාදීම සහ ඉදිරි තීරණ වලට නායකත්වය ලබාදී නිවැරදි මග පෙන්වීම සිදුකිරීම සඳහා උපාය මාර්ගික කමිටුවක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා 

පක්ෂයක් ලෙස වඩාත් ශක්තිමත්ව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සඳහා මුහුණ දීම සඳහා අපේක්ෂකයින් වෙත  ශක්තිය සහ මග පෙන්වීම ලබාදීම මෙම උපායමාර්ගික කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ  වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා X පණිවිඩයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කර තිබෙනවා.