Monday, October 21, 2024

General line - 0115112241

හෙට දිනට පෙර පාස්කු වාර්තා එළිදක්වන්නැයි ගම්මන්පිළගෙන් ජනපතිට අභියෝගයක්




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා සකස් කළ වාර්තාවේ කමිටු වාර්තා දෙක හෙට උදෑසන 10 ට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතාව ප්‍රසිද්ධ කිරීමට අපොහොසත් වුවහොත් තමන් එම වාර්තා දෙක හෙට දිනයේ එළිදක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසනවා. 

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. 


පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව ජනතාවට ප්‍රසිද්ධ කිරීම රජයේ වගකීම බවයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසුවේ.


පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මාධ්‍යවේදීන් සිදුකල ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ.