Monday, October 21, 2024

General line - 0115112241

අඛණ්ඩව හතරවන දිනටත් දිල්ලි නගරයේ ජලයේ, වායු දූෂණය වාර්තාගත ලෙස ඉහළට




අඛණ්ඩව හතරවන දිනටත් දිල්ලි නගරයේ වායු දූෂණය ඉහළ යමින් පවතිනවා.

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය තුන්සිය තිස්හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට නගරයේ වායු ගුණාත්මක තත්ත්වය දුර්වල තත්ත්වයේ සිට ඉතා දුර්වල තත්ත්වය දක්වා පහත වැටී ඇති බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවදුරටත් අහිතකර මට්ටමකට ළඟා වනු ඇති බවට ද කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ශීත කාලය උදාවීමත් සමග දැනට පවත්නා දුමාරය තවදුරටත් පැතිර යා හැකි බවයි ඔවුන් අනාවැකි පළකරන්නේ.

මේ අතර දිල්ලි නගරයේ ජලයේ දූෂිත මට්ටම ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ගංගාවන් සුදු පැහැති පෙණ කැටිතිවලින් වැසී ගොස් ඇති ආකාරය මාධ්‍ය වාර්තා කළා.