Monday, October 21, 2024

General line - 0115112241

යුක්රේනය සහ රුසියාව අතර ඇති අර්බුදය නව අදියරකට - උතුරු කොරියානු සෙබලුන් රුසියානු යුධ බිමේ




රුසියාව විසින් උතුරු කොරියානුවන් 10,000කින් පමණ සමන්විත ඒකකයක් ගොඩනඟමින් සිටින බව යුක්රේන හමුදා බුද්ධි අංශය සහ දකුණු කොරියානු බුද්ධි අංශ නිකුත් කල වාර්තාවක දැක්වෙනවා.

නිකුත් කළ වාර්තාව තහවුරු කරමින් නැගෙනහිර රුසියාවේ හමුදා පුහුණු කඳවුරක දී උතුරු කොරියානු සොල්දාදුවන් නිල ඇඳුම් සහ ආම්පන්න බාරගනු ලබන වීඩියෝවක් සහ  උතුරු කොරියානු හමුදා දිගු පෝලිම්වල හමුදා උපකරණ රැගෙන  රුසියානු කඳවුරු වෙත පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් යුක්රේන බුද්ධි අංශ විසින් විදෙස් මාධ්‍ය වෙත ලබා දී තිබෙනවා.

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානී කිර්ලෝ බුඩනොව් පැවසුවේ නොවැම්බර් 1 වන විට කර්ස්ක් හි සටන් කිරීමට උතුරු කොරියාවේ විශේෂ මෙහෙයුම් බළකායේ සොල්දාදුවන් 2,600 ක් පමණ පැමිණෙන බවයි 

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවය පවසන්නේ  රුසියාවට යවන ලද උතුරු කොරියානු සොල්දාදුවන් දැනට Vladivostok, Ussuriisk, Khabarovsk සහ Blagoveshchensk ඇතුළු රුසියානු හමුදා කඳවුරුවල ස්ථානගත කර ඇති අතර, ඔවුන්ගේ  පුහුණුව අවසන් වූ වහාම ඉදිරි පෙළට යෙදවීමට අපේක්ෂා කරන බවයි.

උතුරු කොරියාවේ විශේෂ මෙහෙයුම් බළකාය [SOF] ලෝකයේ එවැනි ආකාරයේ වඩාත්ම රහසිගත ඒකකවලින් එකක් වන අතර මෙය බටහිර බලවතුන්ට ප්‍රහේලිකාවක් වනවා 

උතුරු කොරියාවේ විශේෂ මෙහෙයුම් බළකාය  පක්ෂපාතී සහ ඉහළ පුහුණුවක් ඇති නමුත් උසස් හමුදා උපකරණ නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

එසේම උතුරු කොරියාව සිය සොල්දාදුවන් රුසියාවට යවා ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බවද එම පුවත් සේවය පැවැසුවේය.

SOF සතුව සැහැල්ලු පාබල බලසේනා 12 ක්, සතුරු රේඛා පිටුපස ක්‍රියා කිරීම සඳහා ඔත්තු බැලීමේ ඒකක තුනක්, ගුවන් හමුදා කොට්ඨාශ තුනක් සහ සාමාන්‍ය ස්නයිපර් ඒකක තුනක්, ගුවන් හා නාවික හමුදාවන්ට අනුයුක්ත ස්නයිපර් බලසේනාවලට අමතරව ඇති බව ඔහු පැවසීය.

SOFසොල්දාදුවන් 200,000 ප්‍රමාණක් සිටින බවත්. බ්‍රිතාන්‍ය SAS සතුව ඕනෑම වේලාවක ක්‍රියාකාරී සොල්දාදුවන් 500ක් පමණ සිටින බව විශ්වාස කෙරෙන අතර එක්සත් ජනපද ඩෙල්ටා බලකායේ මෙහෙයුම් සාමාජිකයින් 2,000ක් පමණ සිටීන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් පසුගිය සතියේ ව්ලැඩිමීර් පුටින්ට උපන්දින පණිවිඩයක් යවා ඔහුව ඔහුගේ සමීපතම සහෝදරයා ලෙස හඳුන්වයි.

රුසියාවේ ඈත පෙරදිග මෙතරම් විශාල ඒකකයක් පිහිටුවන බවට මෙතෙක් කිසිදු සලකුණක් ලැබී නොමැති බවත් රුසියාවේ  ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් උතුරු කොරියානු මැදිහත්වීම පිළිබඳ වාර්තා ප්‍රතික්ෂේප කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මේ සම්බන්ධව අදහස් දක්වමින් නේටෝ සංවිධානය, ප්‍රංශය සහ ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ මෙම වාර්තා සහ චෝදනා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවත් එම තොරතුරු සත්‍ය නම් මෙය යුක්රේනය සහ රුසියාව අතර ඇති අර්බුදය නව අදියරකට ගෙන යාමක් බවයි