Friday, October 25, 2024

General line - 0115112241

හිටපු හමාස් ප්‍රධානීයා පලා ගිය හැටි දර්ශන නිකුත් වෙයි 




ඊශ්‍රායලය සහ  හමාස් සංවිධානය අතර පවතින ගාසා ගැටුමේ පළමු භාගයේදී හිටපු හමාස් ප්‍රධානී යහියා සින්වාර් විසින් අත්පත් කරගෙන සිටි බංකරය ට අදාල දර්ශන ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා  

ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායලයට එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සින්වාර්, විනාශ වූ ඛාන් යුනිස් නගරයට යටින් ඉදිකළ බංකරයක තම ආරක්ෂකයින් සහ සමීපතමයන් සමඟ ප්‍රහාර වලින් සැඟවී සිටීමට උත්සහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊශ්‍රායල ආරක්ෂක බලකාය පවසන පරිදි එම බංකරය අංග සම්පූර්ණ බංකරයක් වන අතර එහි තිබී එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ (UNRWA) ලාංඡනය සමඟ ලේබල් කර ඇති ආහාර සලාක, මුදල් සහ වැදගත් වන ලියකියවිලි ද  හමුවී තිබෙනවා.

තවද බංකරයේ දොරට යාබදව, සොල්දාදුවන් විසින් ආයුධ, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පිරවූ ලොකර් සොයා ගෙන තිබෙන බවයි විදෙස් මෂ්‍ය වාර්තා කරන්නේ.

මිට පෙරද පෙර ගාසා තීරයේ උමං මාර්ගයකට තම බඩු බාහිරාදිය ගෙන යන ආකාරය දැක්වෙන දර්ශන ඊශ්‍රායලය නිකුත් කර තිබුනා.

61 හැවිරිදි සින්වාර් තම ආරක්ෂකයින් සහ සමීපතමයන් සමඟ බංකරයේ රැකවරණය ලබාගෙන ඇත්තේ බිමට ඉහළින් ඇති යුද්ධය උත්සන්න වීමත් සමඟය. 

ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් රෆාහිදී  සින්වාර් ඝාතනය කල අතර යුද්ධයෙන් වැඩි කොටසක් පොළව යට සැඟවී සිට හමාස් මෙහෙයුම් මෙහෙයවා තිබෙනවා.

ඔක්තෝබර් 7 ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,200ක් පමණ මිය ගිය අතර 235 දෙනෙකු ප්‍රාණ ඇපයට ගත් අතර , ගාසා තීරයේ ඊශ්‍රායල මෙහෙයුමෙන්  වසරකට 40,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇත.

ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මිලියන 1.2 කට වැඩි ජනතාවක් අවතැන් වී ඇති අතර, පසුගිය වසර පුරා ලෙබනනයට ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 2,350 ක් මිය ගොස් තිබෙනවා.

ඊශ්‍රායලයට අනුව හිස්බුල්ලා ප්‍රහාරවලින් ඊශ්‍රායල සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 50 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.