Monday, November 25, 2024

General line - 0115112241

වෛද්‍ය චමල් සංජීවට එරෙහි නඩුවක් කල් යයි

උදය කුමාර




වෛද්‍ය චමල් සංජීව මහතාට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීමට කටයුතු කර ඇතැයි පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපස මල්වඩමක් තැබූ බව කියන සිද්ධියට අදාළවයි. 

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවනු ලැබුවා. 

එම අවස්ථාවේදී සැකකාර වෛද්‍ය චමල් සංජීව මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව නීතිපති උපදෙස් ලබා ගැනීමට ගොනු යොමු කර ඇති බව සඳහන් කළා. 

නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

ඒ අනුව අදාළ පැමිණිල්ල පෙබරවාරි මස 10  වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළා.