Monday, November 25, 2024

General line - 0115112241

රට ගොඩනැගීමට අදූෂිත මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට එවන්න ජනාධිපති කියයි




රට ගොඩනැගීම සඳහා අවංකභාවය, ධෛර්ය සම්පන්න සහ අදූෂිත මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

ජාතික ජන බලවේගය හෝමාගම ප්‍රදේශයේ සංවිධාන කළ ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.


කෙසේවෙතත් රට ගොඩනැගිය හැක්කේ ජාතික ආණ්ඩුවක් තුළින් බවයි මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසුවේ.


එමෙන්ම ජාත්‍යන්තර අරමුදල සමඟ කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය නොවන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරන හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.



මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා භාරයේ තිබූ රජය සතු වාහන ප්‍රමාණය අඩු කිරීමට ආණ්ඩුව ගත් තීරණය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා මාධ්‍ය හමුවේ අදහස් පල කළා.