Monday, November 25, 2024

General line - 0115112241

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටර් ඇලවීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා විමර්ශන

උදය කුමාර




මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. 

මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 

එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව දන්වා සිටියා. 

ප්‍රධාන සැකකරු මේ වන විට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන මෙහෙයවන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් හතර දෙනකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. 

සෙසු සැකකරුවන් හතර දෙනා  තවදුරටත් නොවැම්බර් මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමටද නියෝග කෙරුණා.