Monday, November 25, 2024

General line - 0115112241

වතු පාසල් සඳහා උප ගුරුවරුන් බඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

උදය කුමාර




ඉකුත් රජය සමයේ වතු පාසල් සඳහා උප ගුරුවරුන් බඳවා  ගැනීමට අදාළව  අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු  ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. 

ඒ, අභියාචනාධිකරණය විසින්.     

ඒ අනුව එම අතුරු නියෝගය ලබන  ජනවාරි මස 27 වනදා දක්වා දිර්ඝ කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. 

අදාළ පත් කිරීම් අභියෝගයට ලක් කරමින් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පිනීෂා මුසම්මිල් නමැතිත්තිය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.