Monday, November 25, 2024

General line - 0115112241

පිරිසිදු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනපතිගෙන් අලුත් වැඩක්




විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර “පිරිසිදු ශ්‍රී ලංකා” නමින් නව වැඩසටහනක් ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ සඳහා විදෙස් ශ්‍රී ලාංකිකයින්ට දායක වීම සඳහා අරමුදලක් ද ආරම්භ කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


ජනතාවට පහසුවෙන් සේවා සපයා ගැනීමට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා. 


ජාතික ජන බලවේගය හෝමාගම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.