Tuesday, October 22, 2024

General line - 0115112241

ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් යාපනයේ කැළෑවකින් මතු වෙයි

දිනසේන රතුගමගේ




යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේ කැළෑවක සගවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. 

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත තෙලිප්පලෙයි පොලිසිය එම මෝටර් රථයා සොයා ගෙන ඇති අතර එහි සඳහන් අංකය ව්‍යාජ එකක් බවයි සිදුකල පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. 

එම මෝටර් රථය අදාළ ස්ථානයට රැගෙන එන ලද පුද්ගලයා සහ මෝටර් රථය කා හට අයත් ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන සිදු කරනවා. 

මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සදහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට හෝ වෙනත් ප්‍රදේශයක අයෙකු විසින් යාපනයට රැගෙන විත් සගවන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. 

මීට   පෙර ද මෙවැනි ප්‍රදේශ කිහිපය තිබී අත්හැර දමා ගිය වාහන කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබුණා.