Tuesday, October 22, 2024

General line - 0115112241

යාපනයේ පුද්ගලයෙකු කැනඩාවේදී වෙඩි ප්‍රහාරයකින් මියයයි

දිනසේන රතුගමගේ




කැනඩාවේ රැකියාවකට ගොස් සිටි යාපනය මයිලිට්ටි ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පංචලිංගම් පාර්තීපන් නැමති 44 හැවිරිදි පුද්ගලයෙක්. 

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ මාර්ඛම් ප්‍රදේශයේදී එම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් වාර්තාවල දැක්වෙන්නේ. 

අදාළ පුද්ගලයා පදිංචිව සිටි නිවස අසලදී වෙඩි තැබීම සිදුව ඇති බවද එම වාර්තාවල සඳහන්. 

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පොලීසිය එම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.