Tuesday, October 22, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාර විමර්ශනයෙන් රවී සහ ශානි ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් - ඇමති විජිත හෙළි කරයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිය රජය යටතේ සිදු කෙරෙන විමර්ශනවලින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඉවත් කිරීමට ඇතැමුන්ට අවශ්‍ය වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

එහෙත් එම අවශ්‍යතා ඉටු කිරීමට සිය රජය සූදානම් නොමැති බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ. 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ප්‍රසිද්ධියට පත්කල පාස්කු විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

අදාළ කමිටු වාර්තාවල සඳහන් නිර්දේශ ඒ අයුරින්ම පිළිගැනීමට සිය රජය සූදානම් නොමැති බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා. 


අදාළ කරුණ සම්බන්ධයෙන් එම මාධ්‍යවේදියා යොමුකල ප්‍රශ්නවලට අමාත්‍ය විජිත හේරත් මහතා තවදුරටත් පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍ය විජිත හේරත් මහතා.