Tuesday, October 22, 2024

General line - 0115112241

හිල්ටන් හෝටලයෙන් සොයාගත් BMW මෝටර් රථය ගැන ජොන්ස්ටන්ගෙන් හෙට ප්‍රකාශයක්

උදය කුමාර




කොළඹ, හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි. 

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවයි. 

ඒ අනුව අදාල පෙත්සම ලබන 25 වනදා කැඳවීමට දින නියම වුණා.