Tuesday, October 22, 2024

General line - 0115112241

කෘෂිකර්ම අමාත්‍යංශයට ලැබිය යුතු කෝටි 66 ක් අයකර ගැනීමට අමාත්‍යංශ ලේකම් නීතිපති සහාය පතයි




පසුගිය කාල සීමාවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව එම අමාත්‍යංශයේ ලේකම් එම් පී එන් එම් වික්‍රමසිංහ මහතා පවසනවා. 

කෘෂිකර්ම අමාත්‍යංශය පසුගිය කාලයේදී පවත්වාගෙන ගිය පෞද්ගලික ගොඩනැගිල්ලක් සඳහා ලබාදී තිබූ රුපියල් කෝටි 66 ක තැන්පතු මුදල මෙතෙක් නැවත අමාත්‍යංශය වෙත ලබාදී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ. 

දැනට එම ගොඩනැගිල්ල නැවත භාරදී වසර ගණනාවක් ගතව ඇතත් අදාළ තැන්පතු මුදල අමාත්‍යංශය වෙත නැවත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බවද කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා. 

ඒ අනුව අදාළ මුදල නැවත අය කර ගැනීම සඳහා නීතිපතිවරයා දැනුවත් කර ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.