Tuesday, October 22, 2024

General line - 0115112241

නැගෙනහිර බහලුම් ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් ලෙස නම් කෙරේ




කොළඹ, දකුණු වරාය ව්‍යාපෘතියේ නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

නැගෙනහිර බහාලුම් පර්යන්තය අදියර වශයෙන් සංවර්ධනය කර වරාය අධිකාරියේ පූර්ණ හිමිකාරිත්වය සහිත බාහාලුම් පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක කිරීමට 2021 වසරේ පෙබරවාරි මස පළමුවනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබෙනවා. 

ඒ අනුව අදාළ සිවිල් වැඩ සඳහා වන කොන්ත්‍රාත්තුව මේ වන විට පිරිනමා ඇති අතර එම ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතිනවා. 

එකී බහාලුම් පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ද මේ වන විට පිරිනමා අවසන්. 

කොළඹ වරායේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවන් සහ සේවා සැපයුම්කරුවන් හට උපාය මාර්ගික සංවර්ධන පනත සහ ආයෝජන මණ්ඩල නීතිය යටතේ විවිධ බදු සහන පිරිනමා තිබෙනවා. 

එකී කරුණු සැලකිල්ලට ගෙනයි නැගෙනහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතිය විශේෂිත ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.