Monday, November 25, 2024

General line - 0115112241

සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් නැහැ - ජනපති සහල් ව්‍යාපාරිකයින්ට කියයි




සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. 

සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පැවති  සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.

වර්තමානයෙහි පවතින පාරිභෝගික භාණ්ඩමිල සම්බන්ධව මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු වූ අතර ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල, පාලනයේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. 


සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුන ගම්ලත්, මිත්‍රපාල ලංකේෂ්වර, ජයසිරි ගුනතිලක, මේනක ගම්ලත් යන මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයින් සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.