Monday, November 25, 2024

General line - 0115112241

අමාත්‍යංශ වැඩ එපා කරවන ඇමතිගේ වැඩ ගැන අනාවරණයක්




තමා ලේකම්වරයෙකු ලෙස කටයුතු කිරීමේදී රාජකාරී සිදු කිරීමට අප්‍රසන්න  අත්දැකීම් සහිත අමාත්‍යංශය බවට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය පත්වූ බව මෙරට කීර්තිමත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.


මෙරට අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතනවල පහසුකම් දෙස බැලීමේදී අමාත්‍යංශවල රැඳී සිටීමට පවා ලැජ්ජා සහගත හැඟීමක් තිබූ බවයි හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසුවේ.


මෙරට කීර්තිමත් හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ අමාත්‍යවරයා වූයේ බන්දුල ගුණවර්ධන හිටපු අමාත්‍යවරයායි.