Monday, November 25, 2024

General line - 0115112241

කොළඹට පොල් අද සිට රුපියල් සියයට




පොල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මුහුණදී සිටින දුෂ්කරතාවයන්ට විසඳුමක් ලෙස ජංගම අලෙවි රථ වැඩසටහනක් පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් අද සිට ආරම්භ වනවා.

ඒ අනුව එම වැඩසටහනේ පළමු අදියර කොළඹ, ශ්‍රී ජවර්ධනපුර කෝට්ටේ, කඩුවෙල නගර සභා බල සීමාවල අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

කොළඹ බල ප්‍රදේශයේ වැලිකඩ පොලිසිය අසලත්, කිරුළපන පොදු වෙළඳපොළ සහ මුදල් අමාත්‍යංශ පරිශ්‍රය ආසන්නයෙත් ජංගම රථ මඟින් පොල් අලෙවි කිරීම සිදු කෙරෙනු ඇති. 

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවට අයත් වැලිකඩ පොලිසියට ආසන්නයේ සහ නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංග පීඨය අසල පොල් බෙදා හැරීමේ ජංගම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

කඩුවෙල සහ බත්තරමුල්ල බල ප්‍රදේශයන් ආවරණය කරමින් සෙත්සිරිපාය රජයේ කාර්යාල පරිශ්‍රය ආසන්නයේ සහ පොල් වගා කිරීමේ මණ්ඩලය පිහිටි ස්ථානය ආසනයෙන් ද පාරිභෝගිකයන්ට පොල් මිලදීගත හැකියි.

පොල් වගා කිරීමේ මණ්ඩය මඟින් දිනකට පොල් ගෙඩි 10,000 ක් වෙළඳපොලට එක් කෙරෙන අතර සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන්වලට පසුව ක්‍රමිකව දිනකට පොල් ගෙඩි 5,000 බැගින් සතියකට පොල් ගෙඩි 15,000 ක් පාරිභෝගික ඉල්ලුම අනුව වෙළඳපොලට නිකුත් කෙරෙනු ඇති. 

මෙම වැඩසටහන යටතේ පොල් ගෙඩියක් රුපියල් 100 ත් 120 ත් අතර මිලකට පාරිභෝගිකයන්ට ලබාදීමට අපේක්ෂිතයි. සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නැයමිතව තිබෙනවා. 

මේ සඳහා කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම මඟින් පොල් ගෙඩි 4,500 ක් දිනපතා ලබාදීමට එකඟතාව පළ කර ඇති බවද පරිසර, වනජීවී, වන සම්පත්, ජල සම්පාදන වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය සඳහන් කළා.