Monday, November 25, 2024

General line - 0115112241

ඇල්පිටිය ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්




2024 මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද සිදු කෙරෙනවා. දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් මඟින් එක් එක් දිස්ත්‍රික්කයන්ට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.


මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු සඳහා ලබාදී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. 

ඒ අනුව හෙට සහ අනිද්දා යන දින දෙක තුළ ඇල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් වනු ඇති. 

මෙම දින දෙකේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම ද තහනම් වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
ලහිරු