Monday, November 25, 2024

General line - 0115112241

විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසියෙන් විශේෂ නිවේදනයක් 




මැදපෙරදිග මෙන්ම නැගෙනහිර යුරෝපයේ පවතින යුදමය වාතාවරණය සැලකිල්ලට ගනිමින් විදේශිකයන්ගේ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත.

පොලීසිය නිකුත් කළ නිවේදනයෙන් දැවෙන්නේ ඉදිරි සංචාරක වාරය තුළ විදේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බවට මේ වන විට තොරතුරු  ලැබී තිබෙන බවත් සියලුම පොලිස් ස්ථාන වලට මේ පිළිබඳව විශේෂ උපදෙස් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිත බවයි 

පොලීසිය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.